Hiran Nalaka

This is my first web site.All are welcome.


මුලින්ම හොඳ ලමයි වගේ මෙන්න මේ වීඩියෝ එක ලෝඩ් වෙන්න දාල ලිපිය කියවන්න පටන් ගන්න. මේක මගේ මුල්ම සිංහල උපසිරසි යෙදීමයි. මම හිතන්නෙ රූපවාහිනියේ යන චිත්‍රපට ඇතුලුව, සිංහලින් උපසිරසි ගැන්වූ මුල්ම තායි චිත්‍රපටය මෙයයි. ඔන්න ඉතින් මුලින්ම ඒ දේ ලබා දෙන්නෙත් බයිස්කෝප් අඩවියෙන්.
හොලිවුඩ් චිත්‍රපට වලට වඩා තාත්වික බවක් මම තායි චිත්‍රපට තුල දකිනව. එයිනුත් හොල්මන් චිත්‍රපට සඳහ විශේෂයි. එය නිසාමයි මෙයට සිංහල උපසිරසි දැමීමට තීරනය කෙරුවෙ. මොකද මේක ඇත්තටම බයවෙන චිත්‍රපටයක් නිසා. මෙය පැය දෙකකට ආසන්න කාලයක දිවෙන කතා පහක් අඩංගු තනි චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාම ඉතා ලස්සන ආකාරයට සහ ගැලපෙන ආකාරයට සංගීතය යොදාගෙනත් තියෙනව.
මේකට සිංහලින් උපසිරසි දාලා ටික කාලයක් ගියත් මට චිත්‍රපටයේ වීඩියෝවට සමගාමීව උපසිරසි ධාවනය කරලා අවසාන වතාවට චෙක් කරගන්න ටිකක් කල් ගියා. මොකද මම උනත් මේ චිත්‍රපටය තනිව නැරබීමට ටිකක් පැකිලුනු නිසයි. කොහොමහරි මගේ සහෝදරියගේ සහයෝගයත් ඇතිව අවසානයේ ඉතා හොඳ ආකාරයෙන් උපසිරසි දැමීම නිමා කරන්න ඇතැයි කියා මම විශ්වාස කරනව. හොඳද නැද්ද කියල තීරනය කිරීම ඔබ සතුයි. එමෙන්ම 2008 දී නිපැවුනු මෙම චිත්‍රපටයේ මුල් කොටසත් ඉතා සාර්ථක අයුරින් තිරගත වුනා. එයත් ඉදිරියේදි සිංහල උපසිරසි සහිතව ඉදිරියේදී බයිස්කෝප් අඩවියෙන් ඔබවෙත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනව. හැබැයි එය නිර්ණය වෙන්නෙ මෙයට ලැබෙන  ප්‍රතිචාර මතයි. “Phobia 2″ චිත්‍රපටයේ තවත් විස්තර ඔබට මෙතනින් ගන්න පුලුවන්. එමෙන්ම පුර්ව දසුන් මෙයින් බලා ගන්න පුලුවන්.
ඔන්න දැන් අර ලිපියේ මුලින්ම ලෝඩ් වෙන්න දාන්න කියපු වීඩියෝවත් බලන්න. එය තමයි මෙම ච්ත්‍රපටයේ, official sound track එක. හරි එහෙනම් කට්ටිය ෆිල්ම් එක බාගෙන කමෙන්ට් එකක් දාලා යන්න. සිංහල උපසිරසි දැමූ මුල්ම චිත්‍රපටය නිසා සුලු සුලු අඩුපාඩුකම් එහෙම තියනවනම් එහෙම කමෙන්ට එකට දාන්න.
චිත්‍රපටය බලන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්නම්, ඒ තමයි මේක බලනකොට කට්ටියත් එක්ක බලන්න. එතකොට වැඩිය බය වෙන එකක් නැහැ. තනියෙන්නම් බලන්නම එපා.

මෙන්න මෙතනින් බාගන්න!

මෙතනින් සිංහල උපසිරැසි බාගන්න!

0 comments:

Post a Comment